11
41

Battlefield 02

නිකුත් කල වර්ෂය-2005
3.029 Votes

Release

  • වර්ෂය :2005
  • Developer:DICE [ Digital ILLusions CE ]
  • Publisher:Electronic Arts
  • Engine:CRefractor 02
  • Genre:First Shooter Shooter
  • Mode:Singleplayer & Multiplayer
  • Platform:PC-Windows Only
  • Rating: 3.5 / 261 times

Battlefield Series

Battlefield Series & Relese Release 🔹 දැනට ලෝකයේ තියෙන විශිෂ්ටතම වගේම ජනප්‍රියතම First Person ගේම් Series එකක් තමයි Battlefield කියන්නේ. Battlefield Series එකේ තුන්වෙනි ගේම් එක විදිහට තමයි මේ ගේම් එක Release වුනේ. Battlefield Vietnam ගේම් එක Release වෙලා අවුරුද්දකට පස්සේ තමයි මේ ගේම් එක Release වුනේ. Campaign, Characters & Places 🔸 පසුකාලීනව Release වුනු Battlefield ගේම්ස් වල වගේ විශේෂිත වූ Story එකක් මේ ගේම් එකේ තිබුනේ නෑ. ඒ වුනත් Offline ක්‍රීඩා කල හැකි Singleplayer Career එකක් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. Story එකක් නැති වුණත් ක්‍රීඩකයාට උපරීම වින්දනයක් ලබා ගත හැකි වන සේ තමයි මේ ගේම් එකේ Singleplayer Gameplay එක හදලා තිබුනේ. 🔸 2007 වර්ෂයේදී ඇතිවන්නාවූ මනංකල්පිත ලෝක යුද්ධයක් පදනම් කරගෙන තමයි මේ ගේම් එක හදලා තිබුනේ. ඇමරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයට එරෙහිව රුසියාව, චීනය සහ මැද පෙරදිග රටවල් සිදුකරන්නා වූ යුද්ධයක් පිලිබඳව තමයි මේ ගේම් එකේ තිබුනේ. කොහොම වුනත් මේ ගේම් එකට Story එකක් තිබුනේ නැති නිසා මේ යුද්ධය ආරම්භ වූ ආකාරය පිලිබඳව හෝ යුද්ධය පිලිබඳ වෙනත් කිසිම සටහනක් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනේ නෑ. 🔸Story එකක් තිබුනේ නැති නිසා විශේෂිත ප්‍රධාන චරිතයක් මේ ගේම් එකේ හිටියේ නෑ. ඒ වගේම Call Of Duty Series එකේ වගේ Team Based Singleplayer Career එකක් තමයි මේ ගේම් එකේ තිබුනේ. 🔹US Marine Corps, People'S Liberation Army, European Union සහ Middle Eastern Coalition යන හමුදා අතරින් තමන් කැමති හමුදා කණ්ඩායමක් තෝරාගෙන ක්‍රීඩා කිරීමේ හැකියාව මේ ගේම් එකෙන් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. ක්‍රීඩකයා තම තේරීම් කිරීමෙන් පසු කණ්ඩායම් දෙකක් අතර සිදුවෙන සටන් මාලාවක් තමයි ඉන්පසු ඇරඹෙන්නේ. Gameplay 🔹 මේ ගේම් එක First Person ගේම් එකක් වුනත් වාහන පැදවීමේදී Third Person View එක භාවිතා කිරීමේ හැකියාව ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. ඒ වගේම මේ ගේම් එක Open Ended ගේම් එකක්. ඒ කියන්නේ මේ ගේම් එක Open World ගේම් එකක් නොවුනත් Open World ගේම් එකක තියෙන සමහරක් ගුණාංග මේ ගේම් එකට ඇතුලත් වෙලා තිබුනා. සීමාසහිත කුඩා ප්‍රදේශයක් තුල ක්‍රීඩකයාට කැමති ආකාරයකින් ක්‍රීඩා කිරීමේ අවස්තාව මේ ගේම් එක මඟින් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. 🔸 Battlefield Vietnam ගේම් එකේ Gameplay එකට සමානව තමයි මේ ගේම් එකේ Gameplay එක හදලා තිබුනේ. තමන් කැමති රටක් තෝරාගෙන, තමන් කැමති Map එකක් තෝරාගෙන, තමන් කැමති හමුදා නිලයක් තෝරාගෙන, තමන් කැමති ආයුධ සහ උපකරණ තෝරාගෙන ක්‍රීඩා කිරීමේ අවස්තාව මේ ගේම් එක හරහා ක්‍රීඩකයින්ට ලැබුනා. 🔹සැබෑ ලෝකයේ භාවිතා වන තුවක්කු වර්ග හැටකට අධික ප්‍රමාණයක් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. ඒ වගේම ක්‍රීඩකයාට කැමති ආකාරයකින් යුධ රථ භාවිතා කිරීමේ අවස්තාවත් මේ ගේම් එකෙන් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. Maps 🔹 Expansion Packs හරහා එකතු වුනු සිතියම් ද ඇතුලුව සිතියම් 31 ක් මේ Battlefield 2 ගේම් එකේ තියෙනවා. ඒ වගේම Multiplayer Mode එක හරහා එක තරඟයකට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ ගණන අනුවත් Map එකේ විශාලත්වය වෙනස් වුණා. ... ▪️Dalian Plant         ▪️Daqing Oilfields   ▪️Devil's Perch       ▪️Dragon Valley   ▪️Fushe Pass ▪️Ghost Town   ▪  Great Wall   ▪  Gulf Of Oman ▪️ Highway Tampa ▪️ Hingan Hills ▪️ Kubra Dam ▪️ Leviathan ▪️ Mashtuur City ▪️ Mass Destruction     ▪️ Midnight Sun ▪️ Night Flight ▪️ Operation Blue Pearl ▪️ Operation Clean Sweep ▪️ Operation Harvest  ▪️ Operation Road Rage ▪️ Operation Smoke Screen ▪️ Road to Jalalbad ▪️ Sharqi Peninsula ▪️ Songhua Stalemate ▪️ Strike at Karkand ▪️ Surge ▪️ Taraba Quarry ▪️ The Iron Gator ▪️ Wake Island ▪️ Warlord ▪️ Zatar Islands Military Classes 🔸 ඒ වගේම ක්‍රීඩකයාගේ කැමැත්ත අනුව තෝරාගත හැකි Military Class හතක් මේ ගේම් එකේ තියෙනවා.                                     ▪Assault Class -  මුහුණට මුහුණ සටන් කරන ඉදිරි පෙල සෙබලුන්                                    ▪️Medic Class - ඉදිරි පෙල සටන් කරන අයට ප්‍රථමාධාර ලබාදෙන සෙබලුන්                                 ▪️Anti Tank Class - යුධ රථ විනාශ කරන සෙබලුන්                                     ▪️Engineer Class - යුධ රථ අලුත්වැඩියා කරන සෙබලුන්                          ▪️Support Class - ඉදිරි පෙල සෙබලුන් ට උණ්ඩ සහ අමතර වෙඩි බලය ලබාදෙන සෙබලුන්                                ▪️Special Force Class - ආසන්නයේ ඇති ඉලක්ක වෙත සැඟවී සිට එකවර කඩා පැන පහර දෙන සෙබලුන්                  ▪️Sniper Class - දුරින් ඇති ඉලක්ක වෙත සැඟවී පහර දෙන සෙබලුන්   🔹එක් එක් Class වල කාර්යයට අනුව ගැලපෙන විශේෂිත ආයුධ සහ උපකරණ ක්‍රීඩකයාට කැමති ලෙස තෝරාගැනීමේ අවස්තාවත් මේ ගේම් එකෙන් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. Vehicles 🔸 ඇත්තටම සැබෑ ලෝකයේ යුධමය කටයුතුවලදී භාවිතා කරන යුධ ටැංකි, සන්නද්ධ බෝට්ටු, ප්‍රහාරක ගුවන් යානා, ප්‍රහාරක හෙලිකොප්ටර් ඇතුළු විවිධ යුධ රථ 75 කට ආසන්න සංඛ්‍යාවක් පැදවීමේ අවස්තාව මේ ගේම් එකෙන් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. Rock Paper Scissor කියන හස්ත ක්‍රීඩාව ඇසුරෙන් තමයි මේ ගේම් එකට වාහන ඇතුලත් කරලා තිබුනේ. ඒ කියන්නේ මේ ගේම් එකේ තිබුන හැම රථයකටම ඒ ඒ රථ වලට ආවේණික වුනු ශක්තීන් සහ දුර්වලතා ඇතුලත් කරලා තිබුනා. ක්‍රීඩකයා විසින් එම රථ හසුරුවන ආකාරය අනුව තමයි ඔහුට ජය හෝ පැරදුම හිමිවුනේ. Multiplayer Mode 🔸ඇත්තටම Multiplayer Mode එකට මුල්තැන දීලා හදපු ගේම් එකක් තමයි Battlefield 2 කියන්නේ. ඒ වගේම මේ ගේම් එක හරහා Battlefield Series එකට ලොව පුරා ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා. 🔹 Cooperative Mode එක හරහා අන්තර්ජාල සබඳතාවක් නොමැතිව තනිව ක්‍රීඩා කිරීමේ අවස්තාවත් Conquest Mode එක හරහා අන්තර්ජාල සබඳතාවක් සහිතව කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමේ අවස්තාවත් ක්‍රීඩකයාට ලැබුනා. කොහොම වුනත් 2014 වර්ෂයේ ජූනි මාසයේදී මේ ගේම් එකේ Multiplayer Servers Shut Down කිරීම නිසා අන්තර්ජාලය හරහා මේ ගේම් එක ක්‍රීඩා කිරීමට තිබූ අවස්තාව ක්‍රීඩකයින්ට අහිමි වුණා. 🔸 නමුත් ලොව පුරා සිටි Battlefield ක්‍රීඩකයින් විසින් මේ ගේම් එකේ Multiplayer Mode එක දිගටම ක්‍රීඩා කිරීමට හැකි වන සේ අලුත් Mods හැදුවා. ඒ Mods නිසා ලෝකය පුරාම හිටපු ක්‍රීඩකයින්ට නැවතත් අන්තර්ජාලය හරහා මේ ගේම් එක Play කරන්න පුළුවන් වුණා. Revive Network නැමැති කණ්ඩායමක් විසින් තමයි ක්‍රීඩකයින් විසින් නිර්මාණය කරන මේ Mods ලෝකය පුරාම බෙදා හැරියේ. නමුත් එම Mods මඟින් තම ප්‍රකාශන අයිතිය කඩ කිරීමක් සිදු වූ බව පවසමින් 2017 වර්ෂයේදී Electronic Arts ආයතනය විසින් එම Mods නිර්මාණය කල පිරිස් වලට සහ බෙදා හැරීම් සිදු කල පාර්ශවයන්ට එරෙහිව අධිකරණයන් තුල නඩු ගොනු කලා. 🔹 මේ ගේම් එකේ Multiplayer Mode එක හරහා එකවර ක්‍රීඩකයින් 64 දෙනෙකුට මේ ගේම් එක Play කිරීමේ අවස්තාව ලබා දීලා තිබුනා. ඒ වගේම Multiplayer Mode එක ක්‍රීඩා කිරීමේ දී තම කණ්ඩායමේ සාමාජිකයින් සමඟ සන්නිවේදනය කල හැකි VOIP නොහොත් Voice Over IP නැමැති ඒකාබද්ධ සන්නිවේදන පද්ධතියක් මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. එසේම තමන් ක්‍රීඩා කල Online තරඟ නැවත නැරඹීමට හැකි වන සේ තරඟ පටිගත කිරීමේ ක්‍රමවේදයක් පවා මේ ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. Downloadable Contents 🔸 2005 වර්ෂයේ නොවැම්බර් මාසයේදී Special Forces නම් DLC එකක් මේ ගේම් එකට Release වුනා. Night Vision Goggles, Tear Gas, Gas Masks, Zip Lines සහ Grappling Hooks වගේ දේවල් මේ DLC එක හරහා ගේම් එකට ඇතුලත් කරලා තිබුනා. ඒ වගේම Euro Force සහ Armored Fury නම් තවත් DLC දෙකක් මේ ගේම් එකට Release වුනා. කොහොම වුනත් Battlefield 2 Complete Collection කියන Edition එකට මේ DLC Packs ඔක්කොම ඇතුලත් වෙලා තිබුනා. Sales & Awards 🔹 ඒ දවස්වල තිබුන හොඳම Multiplayer ගේම්ස් වලින් එකක් වුනු මේ ගේම් එක Call Of Duty සහ Halo වැනි FPS ගේම්ස් වල Multiplayer Modes වලට හොඳ තරඟයක් ලබා දුන්නා. Game Of the Year, Best Action Game, Best PC Game ඇතුළු අන්තර්ජාතික සම්මාන කිහිපයක්ම දිනා ගන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. ඒ වගේම Best Multiplayer Game Of The Year සම්මානය පිට පිට දෙවතාවක්ම දිනා ගන්නත් මේ ගේම් එකට පුළුවන් වුණා. ඒ 2005 සහ 2006 යන වර්ෂයන් වලදී. 🔸 ගේම් එක Release කරලා මාසයක් ඇතුලත  ගේම් එකේ Original Copies මිලියන 1.2 ක් අලෙවි වෙලා තිබුනා. ඒ වගේම 2006 වර්ෂය වන විට ගේම් එකේ Original Copies මිලියන 2.25 ක් ලොව පුරා අලෙවි වෙලා තිබුනා. එසේම අලෙවිය වෙනුවෙන් එක්සත් රාජධානිය විසින් පිරිනමන Gold Award එක දිනාගන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. මේ හේතූන් නිසා Best Selling PC Games Of All Time ලේඛනයට ඇතුලත් වෙන්නත් මේ ගේම් එකට පුළුවන් වුණා.

Parents Guide

    System Requirements

  • 🔸Processor Pentium 4 2.4 GHZ
  • 🔹Ram 1 GB
  • 🔹VGA Geforce FX 5700 256 MB
  • 🔹Sound Card Direct X 9.0C
  • 🔹OS Windows 7
  • 🔹Space 3 GB
  • Platform:PC Only [ Windows]
  • Rating: 17 / 232 times

  • Parents Guide

    • No Sexual Contents
    • ESRB Rating - 13+ [ Blood & Violence ]
      [ Strong Language ]
    • SL Gamehub Rating - 12+

Reviews